පොල් සම්බෝලෙ මේ තරම් ගුණද? ඔබ දැනන් හිටියද? කියවලා බලන්න

සම්බෝල කියන්නේ ගොඩාක් ජනප්‍රිය කෑමක්. සම්බෝල වලට අකමැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒ තරමට අපිට සම්බෝල සමීප වෙලා තියෙන්නේ රස නිසා. ලූණු දාලා, පොල් දාලා,දෙහි දාලා කටට රසට අඹරලා කොටලා හදන සම්බෝලේ ගැන මතක් කරනකොටත් කටට කෙළ උණනවා. මේ තරම් සම්බෝල ජනප්‍රිය වෙලා තියෙන්නේ බහුලවම දකින්න පුළුවන් නිසා. ඉතා ලේසියෙන් හදාගන්න පුළුවන් වෙන නිසා ගොඩාක් දෙනෙකුට සම්බෝල කන්න පුළුවන්.බත්, පාන්, පිට්ටු, ඉඳි ආප්ප විතරක් නෙවෙයි ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එක්කත් සම්බෝල කන අය ඉන්නවා.මෙහෙම ලේසියෙන්ම හදාගෙන කෑවට සම්බෝල කියන්නේ ඇඟට ගුණදායක කෑමක් කියලා දන්නවාද?

සම්බෝල හදන්නේ පොල් වලින්. පොල් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ අරගෙන බැලුවොත්,සෝඩියම්, පොටෑසියම්, සංතෘප්ත මේදය, තියෙනවා. ඒ වගේම පොල් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා ආහාර දිරවීම පහසු කරනවා. රතුලූණු කියන්නේ සම්බෝල වලට අවශ්‍ය මයි.රතුලූණු කියන්නේ බැක්ටීරියා ඇතිකිරීම වළක්වන ආහාරයක් විතරක් නෙවෙයි, සිරුරට ඉතාම හිතකර ආහාරයක්.සම්බෝල වලට ගන්න අනිත් වර්ගය තමය් මිරිස් කුඩු. මිරිස් කියන්නේ විටමින් ඒ බී සහ සී බහුල කෑමක්.ඒ වගේම සිරුරේ කොලස්ටරෝල් මට්ටම අඩුකරන්න මිරිස් කුඩු වලින් ලැබෙන්නේ පුදුම සහයක්. මේ සම්බෝලෙට ගම්මිරිස් එකතු කරගත්තම තවත් රසවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ගම්මිරිස් කියන්නේ මලබද්ධය, පාචනය, කන් කැක්කුම, හර්නියා,හන්දිපත් වේදනා, වකුගඩු රෝග,පෙනහළු රෝග මේ හැම එකකටම ගුණදායක කෑමක්.

ලුණු නැතුව කොහොමටත් සම්බෝලයක් රසවත් වෙන්නේ නෑ.මේ නිසා ලුණුත් සම්බෝලයට එකතු කර ගන්නවා. අපි දන්නවා ලුණු කියන්න් රුධිර පීඩනයට,රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන්න, ආදී වශයෙන් රෝගී තතවයන් ගණනාවකටම ප්‍රතිකර්මයක්. ඉතිං මේ සම්බොගෙට ලුණු එකතු වුනාම රස තරමටම පෝෂණීය ගුණය වැඩි වෙනවා.ලුණු එක්ක එකටම එන අනිත් දේ තමයි දෙහි. දෙහි නැත්තං නාරං සම්බෝල වලට එකතු කර ගන්න එක අනිවාර්යයි. දෙහි අරගෙන බැලුවම සිරුරේ බර අඩු කරන්න, ඇස්වලට, මලබද්ධයට වගේම ආහාර දිරවීම පහසු කරන්නත් උපකාරී වෙනවා.ඉතින් මේ සියළු ගුණාංග එක්ක තමයි සම්බෝල මේසෙට එන්නේ.වෙනදා වගේ රහ වැඩි නිසා කියලා හිතලා නෙවෙයි රස ගුණ දෙකෙන්ම ඉහළ නිසා සම්බෝල කන්න දැන් පුළුවන්.

පොල් සම්බෝල රෙසිපිය-පොල් සම්බෝල හදනකොට ගොඩාක් වේලුණු පොල් ගන්න එපා එවගේ පොල් වල රස අඩු වගේම තෙල් ගතිය වැඩි නේ.. එතකොට සම්බොලය රසට ගන්න බැ. ඔයා එවගේ පොල් හෙඩියකින් හදන්න යනවා නම් කොටන්න ඉස්සෙල්ලා සිනි තේ හැදි 1/2 විතර දලා පොල් ටිකත් එක්ක කොටන්නකෝ එතකොට හොද රසට එනවා.මගෙන් මේ පොල් සම්බොල රෙසිපිය ඉල්ලපු ඔයා කියලා තිබුනා නේ බ්ලෙන්ඩ්ර් එකක් නැතිව වංගෙඩියක් නැතිව රසට හදන විදිහ කියලා දෙන්න කියලා. එහෙනම් බලන්නකෝ මේ රෙසිපිය

සිහින්ව ගාගත් පොල් කොප්ප 1, හිනියට කැපු රතුලුනු ගෙඩි 6, තලලා හිනියට කැපු සුදුලුනු ගෙඩි 2, කැලිමිරිස් තේ හැදි 2, උම්බලකඩ මේස හැදි 2ක් 3ක්, මීරිස් කුඩු තේ හැදි 1, ගම්බිරිස් ඇට තේ හැදි 1/2, සිනී තේ හැදි 1/4, ලුණු කුඩු තේ හැදි 1, දෙහි හෝ සියඹලා යුශ,

මුලින් ම ඔයා සම්බෝලය කොටලා හදන කෙනෙක් නම් කැලිමිරිස් උම්බලකඩ සිනි ලුණු ගම්බිරිස් ටික දලා හොදට කොටා ගන්න. ඊලගට මිරිස්කුඩු දලා කොටන්න. ඉන්පසු සුදු ලුනු රතුලුනු දලා කොටන්න. මෙකට ම පොල් ටිකත් දලා දෙහි හෝ සියඹලා දලා කොටලා ගන්න. සම්බොලේට සියඹලා යුශ දැම්මාම ගොඩාක් රසයි.ඔයාට කොටන්න බැරි නම් කරන්න ඔනා පොල් වලට කැලිමිරිස් මිරිස්කුඩු ලුණු කුඩු ගම්බිරිස් කුඩු ගන්න ඇට එපා සිනි ටික දලා අතින් හොදට පොඩි කරන්න. පොල්වලන් කිරි එලියට ගන්න වගේ අත තද කරලා අනාගන්න. ඊටපස්සේ පිහියේ මිටෙන් තලලා සුදු ලුනු රතුලුනු හිනියටම කපලා දාන්න. ඔයා ලග කොච්චි මිරිස් තියෙනවා නම් එකත් මේ වෙලාවේ හිනියට කපලා දාන්න.

දැන් නැවත අත තද කරලා හොදට අනාගන්න. උම්බලකඩ කඩ නම් දාන්න ඔනා හොදට ම පොඩි කැලි හෝ කුඩු වශයෙන් අරගෙන එකත දලා මිශ්‍රණය කරන්න. අවසානයට සියඹලා දලා ලුණු රස බලලා බත් එක්ක කන්න ගන්න පුලුවන්.ඔයා සම්බෝලය කෝටලා හදන්නේ නැති කෙනෙක් නම් ආනිවාරයෙන්ම හොදින් අතින් ආනාගන්න ඔනා. එවගෙම සිනි චුට්ටක් දැම්මාම සැර ඇඹුල් රස එක්ක හරිම රසයි. මං දෙහි වලට වඩා ගෝඩාක්ම ආසා සියඹලා වල එන රසට ඔයාත් ට්‍රයි කරලා බලන්නකෝ …ඉස්සර අපේ අම්මාලා මැටි කොප්ප වලනේ සම්බෝලය අනාන්නේ. දැන් එහෙම එවා නැනේ පින්තුරයට ගන්න මට ඔනා නිසා සම්බොලය මං මේ විදිහට පින්තුර ගත්තා. මෙතන මං ඇබුල් දලා නැ හෝදේ…

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)