අපේ මුතුන්මිත්තන් ආහාරයට ගත් ලෙඩ රෝග නසන සුදු අල පිති මාළුව හදමු

සුදු අල පිති, අල පිති , කිරි අල පිති වැනි විවිධ නම්වලින් ඒ ඒ පළාත්වල ඇත්තන් හදුන්වන අල පිති මාළුවක් කෑවා. අල පිති මැල්ලුම් නැතිනම් කිරට උයනවා. මෙහි තියෙන විශේෂත්වය කට කහන්නෙ නැතිකමයි . රසය, ගුණය ඉතා ඉහළයි. මේ දිනවල අපේ කොල්ලෝ එක්කහු වෙලා පුරන් කුඹුරු වපුරනවා. අපේ මුතුන්මිත්තන් පවා කුඹුරු වැඩ නැතිනම් මඩදින් සමයේදි ඇඹුල හැටියට අල පිති මාළුව කෑමට ගත්තා . කුඹුරු වපුරන සමයේදි මඩ සිරුරට ඇතුළු වීම මගින් ඇති වන හානි අල පිති කෑමෙන් සමනය වන බව අපේ මුතුන්මිත්තන්ගෙ අදහසයි. හාන, පෝරුගාන වැපුරුම් කරන මේ මඩදින් සමයේ වක්කඩින් දෝතින් දිය ගෙන බීම පුරාණයේ සිට පැවති සිරිතක් . ඉන් අපේ මුතුන්මිත්තන්ගෙ ගොවිතැන සොබාදහමට අනුගතව , පරිසර හිතකාමීව සිදුකළබව මොන තරම් අපූරුවට හදුනාගත හැකිද?

ආං එතකොට පෑදුණු දියත්තේ තිබෙන මඩ පෙවෙනවා. එවිට ඇතිවෙන රෝග සහමුලින්ම නිට්ටාවට පත් කිරීමට කිරි අල පිති ඇඹුලට හැකි වුණා . කුඹුරු වැඩ නොකරන අපේ ඇත්තන්ට වඩා ගෙදර දොර පිළිකන්නෙ තෙතමනය තියෙන තැනක අල පිති පඳුරක් හදාගන්ට බැරුවැ?

සාදා ගන්නා ආකාරය : සුදු අල පිති හොදට සෝදා පුංචි කැබලි වලට කපා ඇඹුලක් ලෙස උයන ව්‍යාංජනයකට අවශ්‍ය සියලුම දෙය මිශ්‍ර කර ගන්න, කපාගත් ලූණු, අමුමිරිස්, කරපිංචා ටිකක් වෙනම තබා ගෙන පිසගැනීමට සුදුසු වලදක් තෙල් සමග ලිප තියා රත් වනවිට එයට අඹ ස්වල්පයක් දමන්න. බැදෙනවිට කපාගත් ලුණු, අමුමිරිස්, කරපිංචා එයට දමන්න. සුවදවත්ව බැදෙන විට කලින් කපාගත් අලදලු හෝ අලපිති එයට මිශ්‍ර කර මද ගින්නේ උයා ගන්න. වතුර දමන්න එපා.

මේ වටිනා සම්පත ඔහේ කැළේට අරිනවා ද නැත්නම් අප් නිරෝගී කරන ආහාර පිළිවෙත ට එකතු කරගන්නවා ද කියා හිතන එක ඔබට භාරයි…..

(උපුටා ගැනිම Mahinda Kumara Dalupotha)