අකලට හිසකෙස් පැසීම වළකන කළු තල සත්කාරය

අපි හැමෝම කැමති ලස්සනට ජීවත් වෙන්න.එතින් උපතින්ම කෙනෙක් ලස්සන වෙනකොට තවත් කෙනෙක් අවලස්ස වෙන්න් පුළුවන් එක ලෝක ස්වභාවය.නමුත් අද අපි කතා කරන්න යන්නේ ඔබේ ලස්සන වළකන ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් ගැන. ඒ තමයි අද තරුණ තරුණියන් ගොඩක් දෙනෙක් මුහුණ දෙන හිසකෙස් අකලට පැසීම.අද අපි මේ ලිපිය මගින් ඔබව දැනුවත් කරන්න යන්නේ හිසකෙස් අකලට පැසීම නතර කරන ස්වභාවික වට්ටෝරු හා ආරයට ගත යුතු හොදම ආහාරය ගැන.ඔබත් මේ ගැන දැනගන්න ලිපිය කියවන්න.

හිසකෙස් අකලට පැසීම වළකන සත්කාර
නෙල්ලි වියළා කුඩු කර, පොල් තෙල් සමඟ මිශ්‍ර කර, රත්කර හිසෙහි ආලේප කරන්න. කරපිංචා කොළ කොටා, ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න. මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි. තලාගත් ඉඟුරු ස්වල්පයක් මී පැණි මේස හැන්දක මිශ්‍ර කර , උදෑසන ආහාරයට ගන්න. සති දෙකකට වරක් පිරිසුදු එළඟි තෙල් හිස ගල්වා සම්භාහනය කරන්න. කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල්වලට දමා, රත් කර, හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න. පේර කොළ පොඩි කර, එම යුෂ හිස් ගල්වා, පැයක් පමණ තබා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි. කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර, හිස ගල්වා තබා සෝදා හරින්න

ලුණු සත්ක්රය අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු ලූනු ගෙඩි 1, රතු ලූනු ගෙඩි 5, සුදුළූණු බිග් 10, කරපිංචා කඳන් 10ක් පමණ, පොල්තෙල් 400ml. සාදන අයුරු – කුඩා වන්ගෙඩියකට ලොකු ලූනු, රතු ලූනු, සුදුළූණු බිග් සහ කරපිංචා ටික දමා තලාගන්න.ඉන්පසු එයට පොල්තෙල් එකතු කරන්න.එය හොදින් කලවම් කර, ලිපෙන් තබා එක්කර ගත් අමුද්‍රව්‍ය කළු පැහැ වනතුරු විනාඩි කිහිපයක් රත් කරගන්න.පසුව එම තෙල් මිශ්‍රණය සිසිල් වීමට තබා, පෙරාගෙන පිරිසිදු කරගත් හිස් බෝතලයකට දමාගන්න.මෙම තෙල් මිශ්‍රණය හිසකෙස් වල ආලේප කර විනාඩි 20-30ක් පමණ තබා සෝදාහරින්න.මේ අන්දමට දින කිහිපයක් මෙම සත්කාරය සිදුකිරීමෙන් ඔබේ හිසකෙස් ඉක්මනින් කළු වෙනවා වගේම හිසකෙස් යෑම අඩු කර පිරිපුන් කෙස් කළඹක් ලබාදේ.

අමුද්‍රව්‍ය 3 භාවිතා කරලා හිසකෙස් පැසීම නතර කරන සත්කාරයක්. අවශ්‍ය දේවල් පිරිසිදු මී පැණි මේස හැඳි 1, කුඩා ඉඟුරු කැබැල්ලක්, ඔලිව් තෙල් මේස හැඳි 1ක්. සාදන අයුරු – ප්‍රථමයෙන් ඉඟුරු කැබැල්ලේ පොතු හැර කුඩා කැබලි වලට කපා අඹරා යුෂ මිරිකා ගන්න.එම යුෂ කුඩා විදුරු බදුනකට දමා එයට මී පැණි හා ඔලිව් තෙල්ද එකතු කර හොදින් මිශ්‍ර කරන්න.දැන් මෙම මිශ්‍රණය තෙත කොණ්ඩය මත ආලේප කර හිස්කබලට හොදින් වදින සේ සම්බාහනය කර විනාඩි 40ක් පමණ තිබෙන්නට හරින්න. පසුව සාමාන්‍ය පරිදි සෝදා හරින්න.මෙය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්. ඉතින් ඔබ සිහින දකිමින් සිටින සුන්දර දිගු කළුවන් ඝන වරලසක් ලබා ගැනීමට මෙම පෝෂණ සත්කාරය නොනවත්වා කියූ පරිදි අනුගමනය කරන්න.

අකලට හිසකෙස් පැසීම වළකන හොදම ආහාරය
අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙළනින් වලින්. මෙම මෙළනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙළනින් නිපදවීමට ප්‍රධාන සංඝඨක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉන් ප්‍රධාන ම සංඝටකයක් තමයි කොපර්. කොපර් අපගේ ශරීරයේ ඉතාමත් වැදගත් කාර්‍යාවලියක් සිදු කරනවා. අපගේ සියළු පඨක වල නම්‍යශිලීත්වය පවත්වාගන්නේ මෙම ඛණිජ ලවණයයි. ඉතින් යම් හෙයකින් කොපර් ඌණතාවයක් හට ගත්තොත් අපගේ ශරීරයේ හෘදය වස්තුවේ සිට පෙණහලු , මහාප්‍රාචිරය සහ සියළු ධමණි වල නම්‍යශීලීත්වයට මෙය බලපානවා. එසේම හිමොග්ලොබින් නිපදවීමටත් මෙය බලපානවා.කොණ්ඩයේ කළු වර්ණයටද බලපාන්නේද මෙළනින් වර්ණකයි. මෙළනින් නිපදවන්නට කොපර් අවශ්‍ය බව මා ඉහත පැවසුවා. දැන් හිතලා බලන්න අපගේ සිරුරේ කොපර් ඌණතාවයක් ඇත්නම් හදවතට අවශ්‍යතාවය තිබියදී, ධමණි වලට අවශ්‍ය තාවය තිබියදී, හිමෝග්ලොබින් නිපදවීමට තිබියදී, පෙණහලු මහාප්‍රාචීරය වැනි තැන්වල ක්‍රියාකාරීත්වය තිබියදී. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රමාංකුංචන ක්‍රියාවලිය කරන්නට තිබියදී කොණ්ඩය කළු කරන්නට තිබෙන කොපර් ප්‍රමාණය භාවිතා කරයිද?

මම හිතන්නේ දැන් ඔබලාට තේරෙනවා ඇති කොණ්ඩය සුදුවන්නේ ඇයි කියලා. මොන බෙහෙත් බිව්වත් වැඩක් නැහැ කොපර් සහිත ආහාර ගන්නේ නැතිව. අපගේ සිරුර සැම විටම පෝෂ්‍ය කොටස් කළමණාකරනය කරනවා. වැදගත්ම තැනට තමයි අවශ්‍ය පෝෂ්‍ය කොටස් සපයන්නේ. ඉතින් කොණ්ඩය කියන්නේ අනෙක් කොටස් ගත්තහම එතරම් වැදගත් කමක් නැති තැනක් ශරීරයට. ඒත් ඉතින් අපිට මේක වැදගත්ම තැනක් ඒකයි වෙලා තියෙන්නේ. ඩයි ගාලා හරි කළු කරගන්න බලනවා. කරන්නට තියෙන්නේ පෝෂණය සපිරි ආහාර ගන්න එකයි.කොපර් සහිත හොදම ආහාරයක් තමයි කළු තල. කළු තල අරගෙන සොදලා වේලා ගන්න. දැන් ටිකක් බැදගන්න. මද ගින්නේ බදින්නෙ. නැතිනම් ගුණ හානි වෙනවා. සුවද ටිකක් එනවිට බාන්න. දැන් බෝතලයක දමාගෙන දිනකට මේස හැදි තුනක් විතර කන්න. මේ විදිහට මාස 6 ක් විතර කරන්න ඕනි ප්‍රතිඵල දකින්න. හැබැයි ඔබට ටික ටික කොණ්ඩය කලු වන බව තේරේවි. එපමණක් නොවේ හුස්ම ගන්නට පහසුවක් දැනේවි. හතිය නැතිවවෙි. දනහිස් වල එහෙම තියෙන වේදනාව නැතිවේවි. හිසේ කැක්කුම නැතිවේවි. කළු තල කියන්නේ ඉතාමත් ගුණ කෑමක් . මෙය ඕනිම කෙනෙකුට හොදයි.මේ සදහා අවශය වන ඇමයිනෝ අම්ල මොනවද කියලා අහල තිබුනා ඉන් බොක්ස් එකේ. Tyrosine තමයි අත්‍යවශ්ය මෙලනින් නිපදවීමට. ප්‍රෝටින් බහුල ආහාර වල සේම අලිපේර. කෙසෙල් චීස් බටර් වලද රටකජු සහ ආමන්ඩ් ඇතුලු ආහාර රාශියක තියෙනවා..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)