වෘක්ෂ දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව නිවසට ලබාගන්න විදිය

මනුෂ්‍ය ලෝකය සහ ප්‍රධාන දේව ලෝක අතර පාලමක් ලෙස වෘක්ෂ දේවතා ලෝක හැදින්විය හැකියි. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකවල දෙවියන් සමග සැසදීමේදී වෘක්ෂ දේවතාවන් ලජ්ජාශීලි දේව කොට්ටාශයක් වේ. මිනිසුන් ආශ්‍රිතව වෙසෙන නිසා මිනිසුන්ගේ දුක තේරුම් ගත හැකි අතර කරුණු තේරුම් ගැනීම මිනිසුන් හා සමාන වේ. බොහෝ දුරට මිනිස් ගතිගුණ වලට සමාන ගතිගුණ වෘක්ෂ දේවතාවන් දරයි. මෙම නිසා ආදර සම්බන්ධතා වලට, රැකියා ලබා ගැනීමට, ඉගෙනීමට සහ දරුවන්ගේ ගැටළු වලට මොවුන්ට පිහිට විය හැකියි. නමුත් එක් වරම උපකාර නොකරන අතර සති කිහිපයක් තමන් උපකාර කිරීමට බලාපොරොත්තු වන කෙනාගේ හැසිරීම් විලාශය කෙරෙහි විමසිලිමත් වේ. වෘක්ෂ දේවතාවන් පරිසරයට ආදරය කරයි. මෙම නිසා පරිසරය රැක ගැනීමට උනන්දු වන අයට, නිතර පරිසරය පිරිසිදුව තබා ගන්නා අයට සහ නිර්මාංශව දිවි ගෙවන අයට වෘක්ෂ දේවතාවන් ඉක්මණින් පිහිට වේ. ලේනුන්, මී මැස්සන්, සමනළයන් සහ කුරුල්ලන් වෘක්ෂ දේවතාවන් නියෝජනය කරයි. මෙවැනි සත්වයන් නිතර ඔබගේ ගෙවත්තේ ගැවසේ නම් එම භුමියේ වෘක්ෂ දේවතාවන් වැඩිපුර සිටියි. සැහැල්ලු සංගීත වාදන සහ පිරිත් ශ්‍රවනය කිරීමට වෘක්ෂ දේවතාවන් කැමති වේ. චොකලට්, ලෙල්ල ඉවත් කර කුඩා කැබලි වලට කැපු පලතුරු, රස කැවිලි සහ මී පැණි මිශ්‍ර කල කිරි බදුනක් ගෙවත්තේ පිරිසිදු ස්ථානයක තැබීම වෘක්ෂ දේවතාවන්ගේ බැල්ම ලබා ගැනීමට උපකාරී වේ.

මෙම ආහාර ආවරණ නොකර තැබිය යුතුයි. සදු පුර පක්ෂයේ සිටින දින වල වෘක්ෂ දේවතාවන්ගේ බලය වැඩිවේ. බිම්මල් නිතර පිපෙන ස්ථාන වලද වෘක්ෂ දේවතාවන් නිතර ගැවසෙන බව මෙම විෂය පිළිබද පර්යේෂණ කරන අය පවසනු ලබනවා.වෘක්ෂ දේවතාවන්ගේ සිත ඉතා ලාමක වේ. මෙම නිසා හදිසි කෝපයක් ඇති වූ විට, තද ඉරිසියාවක් හෝ රාගික සිතුවිල්ලක් ඇති වූ විට ඔවුන් දේවත්වයෙන් චුත වේ. අධික ශබ්ද වලට පවා ඔවුන්ගේ ආයුෂය අහිමි විය හැකියි. මෙම නිසා වෘක්ෂ දේවතාවන් පීඩාකාරී මිනිසුන් සිටින ඉසව් වලින් ඉවත් වි වනගත ප්‍රදේශ වල වාසය කිරීමට තෝරා ගනියි. සීනු හැඩති මල් වර්ග වලට සහ angel orchid මල් විශේෂ වලට වෘක්ෂ දේවතාවන් කැමති වේ. රවුමට සිටින සේ සිටවූ දාස්පෙතියා මල් පැළෑටි වලටද මොවුන් ඉතා කැමැත්තක් දක්වයි. ඔබගේ ගෙවත්තේ ගස් වල දිලිසෙන සුදු පැහැති පලිගු එල්ලා තැබීමද වෘක්ෂ දේවතාවන්ගේ බැල්ම ලබා ගැනීමට උපකාරී වේ. ප්ලාස්ටික් වලින් තැනු දේවතා පිළිම ගෙවත්තේ බිම සිටුවා තැබීමද වෘක්ෂ දේවතාවන්ට කරන ආරාධනාවක් වේ.

මෙම දේවතාවුන්ගේ ප්‍රධාන රාජකාරියක් වන්නේ ස්වාභාවික පරිසරය රැක ගැනීම සහ තිරිසන් සත්ව ලෝකය සුවපත් කිරීමයි. මෙම නිසා තිරිසන් සතුන්ට කරුණාව දක්වන අයට වෘක්ෂ දේවතාවුන්ගේ ආශීර්වාද කිරණ ලැබේ. එමෙන්ම ecology, biology, botany, zoology, veterinary medicine වැනි විෂයන් ආශාවෙන් හදාරන සිසුන්ට එම විෂයන් ඉගෙන ගැනීමට උපකාර කරයි. වෘක්ෂ දේවතාවුන් කෘමිනාශක, වල්නාශක සහ වෙනත් කෘතීම රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවාට කැමති නොවේ. සත්ව හිංසන කරන අයට සහ මස් මාංශ බිත්තර අනුභවයට බලපෑම් කරන අයට බලවත් වෘක්ෂ දේවතාවුන් දඩුවම් ලබා දේ. කාබනික ආහාරපාන අනුභව කිරීම මොවුන්ගේ ආශීර්වාද කිරණ අපගේ ශරීරයට උරා ගැනීමට උපකාරී වේ. එමෙන්ම කාබනික සබන්, රෙදි සෝදන කුඩු සහ දත් බෙහෙත් භාවිතා කිරීම මොවුන් අනුමත කරයි.වෘක්ෂ දේවතාවන්ගේ ස්වරුපය රට වලින් රට වලට වෙනස් වේ. බටහිර රට වල දේවතාවන්ගේ ශරීරයේ පිටේ විශාල කුරුළු පියාපත් දෙකක් දක්නට ලැබෙන අතර එම රටවල වෘක්ෂ දේවතාවන්ගේ පිටේ කුරුළු පියාපත් වෙනුවට සමනලුන්ගේ පියාපත්, බබර පියාපත් හෝ මී මැස්සන්ගේ වැනි පියාපත් දෙකක් දක්නට ලැබේ. එමගින් එම රටවල දිවැස් ඇති අයට වෘක්ෂ දේවතාවන් වෙනත් දේවතාවන්ගෙන් වෙන් කර හදුනා ගත හැකියි. ලෝකයේ ලස්සනම වෘක්ෂ දේවතාවන් සිටින්නේ අයර්ලන්තයේ ලෙසට සලකණු ලැබේ. දෙවියන් පිළිබද උනන්දු වන ලෝකයේ බොහෝ දෙනා වෘක්ෂ දේවතාවන් සමග සම්බන්ධ වීමට අයර්ලන්තයේ සංචාරය කරයි. අයර්ලන්තය හදුන්වන එක නමක් වන්නේ වෘක්ෂ දේවතාවන්ගේ දේශය ලෙසටයි. මීට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාවේ සමහර ප්‍රාන්ත, කැනඩාව, හවායි දුපත් සහ අයිස්ලන්තය යන රටවල වෘක්ෂ දේවතා ගහනය වැඩි බව බටහිර රටවල දිවැස් ඇති ගුප්ත විද්‍යා ගවේශකයින් පවසනවා.

වෘක්ෂ දේවතාවන්ගෙන් උපකාර ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ පිරිසිදු ස්ථානයක තිබෙන ගසක් තෝරාගෙන තමන්ගේ එක ඉල්ලීමක් ලා කොළ පාට කොළයක ලියා වෙන කිසිවෙකුටත් නොපෙනෙන ලෙස එම ගසේ අත්තක එල්ලා තැබීම කළ හැකියි. තවත් ක්‍රමයක් නම් විශාල ගසක් මුලට ගොස් බිම වාඩිවී දෑස පියාගෙන එම ගසෙන් නිකුත් වන පිරිසිදු ඔක්සිජන් තමන්ගේ නාසයෙන් ශරීරයට ඇතුල් වෙනවා මනසින් දැකීමත් තමන්ගේ ශරීරයෙන් නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් එම ගස විසින් උරා ගන්නවා මනසින් දැකීමත් විනාඩි 15ක් පමණ කරන්න. ඉන්පසු තමන්ගේ ඉල්ලීම එම ගසේ වෘක්ෂ දේවතාවන් හට සිතින් පවසන්න. ඔබගේ ඉල්ලීම ඉටු වූ පසු දිලිසෙන පලිගුවක් හෝ චොකලට් කැබැල්ලක් එම ගස මුල තබන්න. ඇමරිකාව සහ වෙනත් යුරෝපිය රටවල වෘක්ෂ දේවතාවන් සහ බහිරව දේවතාවන් පිළිබද විෂය උපාධි මට්ටමේ විෂය මාලාවන් දක්වා පුළුල් වී ඇති අතර ඔවුන්ගේ නිවසේ ගෙවත්තේ සිටින වෘක්ෂ දේවතාවන් මනුෂ්‍ය ඇසට දර්ශනය වන මට්ටමට ඔවුන් හා සම්බන්ධ වීම දක්නට ලැබේ. බෞද්ධයන් ලෙසට අපිට අපගේ නිවාස අසල සිටින වෘක්ෂ දේවතාවන්ට නිතර පිං අනුමෝදම් කළ හැකියි.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)